“අම්මා” රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරණ මාහැඟි කෘතියකි. අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත්, දයාන්විත ලෙසත්, කම්කරු පන්තියේ ජිවන තතු පැහැදිලි කළ පළවැනි කෘතිය “අම්මා” ය. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ නායකයාණාන් වූ වී. අයි. ලෙනින් “අම්මා” දෘෂ්ටිමය හා දේශපාලනමය අතින් දැවැන්තමය වැදගත් කමක් උසුලන බැව් පැවසිය.
"ලෝකයේ සියලුම රට වල කම්කරු ජනතාවට ජය වේවා!" පාවෙල් කෑ ගැසීය. සංඛ්‍යාවෙන් සහ ගුණයෙන් වැඩි වන දහසක් පමණ වන පිරිස ප්‍රීතියෙන් ඔද වැඩී ගියෙන්, හදවත දෙදරුම් කැවීමෙහි තරම් බලවත් වේගයකින් යුතුව හඬ නැගූහ.
අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලා ගත්තාය. ඇගේ ඇස් කඳුලෙන් තෙත් වී තිබුණද ඈ නොහැඬුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල්වලින් යුතුව කතා කළාය.
Author |
|
Language | Sinhala |
There are no reviews yet