SEEDS OF AMERICA
CHAINS | Laurie Halse Anderson
සංග්රාම | පරිවර්තනය ගුණදාස යාපා
"සංග්රාම" (Forge) නවකතාව, ඇමරිකානු විප්ලවය අතරතුර යටත් විජිත හමුදාවට බැඳෙන පලාගිය වහලෙකු වන කර්සන්ගේ කතාවයි. එය සම්මානනීය ලේඛිකා ලෝරි හෑල්ස් ඇන්ඩර්සන්ගේ පෙර පොත වන "Chains" (යදම්) හි දෙවන කොටසයි.
"යදම්" හි අවසානයේ කර්සන්ට පැන යාමට උදව් කළ වහල් දැරිය වන ඉසබෙල් ඔහුව අතහැර දමා යාමත් සමග කතාව අලුත් ආරම්භයක් ගනී.
---------------------------------------------------------------------------------------------------------------------
"වෙඩි තියන්න!" බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙක් කෑ ගැසීය. අපි කවුරුත් බිම දිගාවී, අපේ හිස් ආවරණය කර ගත් අතර, බ්‍රිතාන්‍ය සෙබළුන්ගේ වෙඩි මුරය අපට ඉහළින් ඇදී ගියේ ය. බිය නිසා, මගේ මුත්‍ර පහ වේ යයි මට සිතුණි.
සුදානම් වන ලෙස අපේ හමුදා නිලධාරියා අපට කෑ ගැසීය. මා අවට සිටි සියලු ම සෙබළු තමන්ගේ තුවක්කු සූදානම් කර ගත්හ. බිම දිගා වී, තුවක්කු බටයක් තුළට වෙඩිබෙහෙත් සහ උණ්ඩ පිරවීම අපහසු වුවත්, මම ද මගේ තුවක්කුව සූදානම් කර ගත්තෙමි.
බ්‍රිතාන්‍ය සෙබළු, අප වෙත වෙඩි වර්ෂාවක් එල්ල කළහ. එක වර උණ්ඩ රැසක් විසිරෙන වෙඩි ද ඊට ඇතුළත් විය. කාලතුවක්කු වෙඩි, අහස තුළින් ඇදී ගියේ ධූම කේතු මෙනි.
"වෙඩි තියන්න" අපේ හමුදා නිලධාරියා කෑ ගැසීය. ඒ අනුව වෙඩි තැබූ වහාම, තුවක්කු නැවත සූදානම් කර ගැනීම සඳහා යළිත් බිම දිගා වීමු.
බ්‍රිතාන්‍ය සෙබළු අපට වඩා ඉක්මනින් වෙඩි තැබුහ. ඔවුන් පේළි දෙකක් වශයෙන් සකස් වී, ඉදිරි පේළිය වෙඩි තබන අතර, පසුපස පේළිය තුවක්කු සූදානම් කළහ. පසුපස පේළිය වෙඩි තබන විට, ඉදිරි පේළිය දණ ගසා ගෙන තුවක්කු සූදානම් කළහ. තුවක්කුවල වෙඩි හඬ ද, තුවක්කු බටවලින් නිකුත් වූ දීප්තිමත් ආලෝකය ද, සමග වෙඩි උණ්ඩ පොළොවෙහිත්, අප අවට වැටෙහිත් වදින ශබ්දය ද පැතිරිණි.
Author | Gunadasa Yapa |
Language | Sinhala |
ISBN | 978-624-5462-02-5 |
Pages | 376 |
There are no reviews yet