කොරීන් ඉතා රූමත් තරුණියකි. 18 වැනි වියේදී , ඇය අශුද්ධ විවාහයක් කරගත් නිසා, පියා ඔවුන් නිවසින් පන්නා දමා, දේපල උරුමය ද ඇයට අහිමි කරයි. වසර 15 කට පසුව ඇගේ සැමියා හදිසියේ මිය යයි. ඇය, පියාගෙන් සමාවක් අපේක්ෂාවෙන්, දරුවන් සතරදෙනා සමග ඔහුගේ නිවසට යයි. ඇයට දරුවන් සිටින බව දැනගතහොත්, සමාවක් නොලැබෙන බැවින්, මවගේ උපදෙස් අනුව ඒ විශාල මන්දිරයේ උඩුමහලෙහි කාමරයක දරුවන් රඳවා තබයි. කිසිවිටෙක ඉන් බැහැරට යාමට ඔවුනට අවසර නොලැබේ. රෝගාතුරුව සිටින සීයා මියගිය විගස ‘නිදහස’ ලැබෙතැයි කීවත්, දෙවසරක් යන තුරුත් ඔහු ජීවත්ව සිටී. ඒ කාලය තුළ නපුරු අත්තම්මාගෙන් ලැබෙන කරදර, වධහිංසා ඉතා කටුකය. ඒ අතර කොරීන් දිනපතා හැඩවැඩ වෙයි. නත්තල් සාදයේදී කඩවසම් තරුණයෙකු සමඟ ආලිංගන රැඟුමක යෙදේ. දරුවන් කාමරයක ‘කොටු කර ’ තබන්නේ, තමන් සිවු දරු මවක බව ඔහුට වසන් කරමින් ඉහළම කම්සැප විඳින්නටද?
අන්තිමේදී දරුවන්ගේ ඉරණම කෙබඳු වේවිද?
Author | Gunadasa Yapa |
Language | Sinhala |
Pages* | 184 |