පළමු වන ලෝක සංග්‍රාමය පිළිබඳ ලියැවුණු මෙම කෘතිය විශ්වවිද්‍යාලවල ඉතිහාසය හදාරන ශිෂ්‍ය ප්‍රජාවට මෙන්ම සාමාන්‍ය පාඨකයාටද පරිශීලනය කළ හැකි ලෙස සම්පාදනය කර ඇත.
"Politics is war without bloodshed while war is politics with bloodshed."
- Mao Ze dong
”මා ඕ සේතුං විසින් සිදුකොට ඇති ඉහත ප්‍රකාශය පසක් කරමින් මානව ශිෂ්ටාචාරය ආරම්භයේ පටන් යුද්ධයේ පවතින ක්රෑරත්වය හා විනාශකාරී බව පිළිබඳව පැහැදිලි විශ්ලේෂණයක් පාඨකයාට ලබා දීමට ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා මෙම ග්රන්ථයේදී ගෙන ඇති උත්සාහය අගය කළ යුතුවේ. යුගයෙන් යුගයට ලොව පුරා ඇති වූ, යුද ගැටුම්වලට ජාතිවාදී, වර්ගවාදී හා අන්තවාදී ආගමික චින්තනය මුල් වී ඇති බවට ග්‍රන්ථය ආරම්භයේදීම කතුවරයා සිදු කොට ඇති සඳහන වර්තමානයේදී නැවත නැවත සනාථ වන බව දැකගත හැකිවේ. පළමුවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භයට යුරෝපයේ එවකට පැවති මිලිටරිවාදය, ජාතිවාදය, කඳවුරුවාදය මෙන්ම ව්‍යාප්තවාදයද හේතු වූ බව කතුවරයා විසින් හේතු සාධක සහිතව පෙන්වා දී ඇත්තේය.
| Author | Prashantha Perera |
There are no reviews yet