චුට්ටේට ඉගෙන නොගෙන සිටීමට තිබෙන උනන්දුව ඉගෙන ගැනීමට තිබුණා නම්, චූටි නතරවෙන්නේ යුරෝපයේ මොකක්දෝ ලොකු ඉස්කෝලෙක බව වරක් ඉස්කෝලේ ලොකු මහත්තයා මහ සභාවේදී පැවසීය. ලොකු ඉස්කෝලේ මහත්තයා සභාවේ කී දේ තේරුම් ගැනීමට පවා කිසිම උනන්දුවක් නොතිබුණ චූටි කතාව අවසන් වීමටත් පෙර මහා හඬින් අත්පුඩි ගැසුවේය. තමාට බණින එකට තමා විසින්ම අත්පුඩි ගසන චූටි දෙස කතාව නවත්වා විනාඩියක් පමණ බලා සිටි ලොකු මහතා මෙවන් වූ කීර්තිමත් ශිෂ්‍යයෙකු තම පාසලේ සිටීමත්, එවන් ශිෂ්‍යයෙකු දෑසින් දැක ගැනීමට ඇති දුර්ලභ අවස්ථාව ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් මෙම ස්ථාන මාරුවට තම ස්තූතිය පළ කොට ලිපියක් ද එදාම යවා තිබුණේය.
| Author | Rakshitha Dickkumbura |
| pages | 160 |
There are no reviews yet