නන්නාඳුනන ඉංගිරිසි ජාතිකයකු වූ වෘකයාගෙන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේ දී බේරෙන්නේ අනූනමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සමත් වූවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණ.
සත්‍ය තොරතුරු අනුව ෆ්රෙඩ්රික් ෆෝසයින් විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂණාත්මක කෘතියෙන්, වෘකයා තෝරා ගත්තේ කෙසේද, ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන ලද්දේ ද, ඝාතන තැන සදහා වෘකයා සංකීර්ණ ලෙසත්, සූක්ෂම ලෙසත් සූදානම් වූයේ කෙසේද, යන කරුණු පිළිබඳවත් මහාද්වීපය හරහා තමා හඹා යත් දී සෑම විටෙකම හේ හඹා එන්නාට වඩාපියවරක් ඉදිරියෙන් සිටියේ කෙසේද, එමෙන් ම මේ යුගයේ පහළ වූ කෲරතර මිනීමරුවාගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට ප්‍රංශ බලධාරීනට ගැනීමට සිදු වූ ක්ෂණික ආරක්ෂක පියවරයන් පිළිබඳව ද, පියවරෙන් පියවර විස්තර කරන අතර, මෙය පිටුවෙන් පිටුව පාඨකයා ඇද බැඳ තබා ගන්නා කෘතියකි.
| Samaraweera Wijayasinghe | Abhaya Hewawasam |
| Sinhala | Sinhala |
| 9789556560527 | 9789559348833 |
| 284 | 423 |
There are no reviews yet