"මහාචාර්ය ඔලිවර් අබේනායක" 1964 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් විශේෂ ශාස්ත්‍රවේදී ප්‍රථම පන්තියේ ගෞරව උපාධියද 1973 වර්ෂයේ දී එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය (Ph.D .) උපාධිය ද දිනාගත්තේය. 1965 නොවැම්බර් 01 දා සිට 2007 දෙසැම්බර් 13 දා දක්වා අවුරුදු හතළිස් දෙකකටත් වැඩි කාලයක් තිස්සේ විවිධ තනතුරු දරමින් කැලණිය විශ්ව විද්‍යාලයේත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේත් සේවය කළේය. කිහිප වරක්ම අධිශිෂ්‍යත්ව ලබා විදේශීය ශාස්ත්‍රීය ව්‍යාපෘතීන්හි නිරතව සිටි මහාචාර්ය ඔලිවර් අබේනායක 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති (D.Litt) සම්මාන උපාධිය ලබාගත්තේය. ජාතික සම්මාන කිහිපයකින් ම බහුමානයට පත් විය. දර්ශනී ශිරෝමණී, කලා ප්‍රසාදිනී හා විශිෂ්ට රුහුණු පුත්‍රයින්ට පිදුණු නැණ පහන් හරසර ජනාධිපති සම්මානය මෙහිදී විශේෂ වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම මහාචාර්ය අබේනායක ලියා පළ කළ ලිපි ලේඛන බොහෝ ය. දැනට සේවාර්ජිත මහාචාර්යවරයෙකු වන ඔලිවර් අබේනායක මෙරට විශ්වවිද්‍යාල කිහිපයක ම උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලාවල බාහිර පිරිසකි උපදේශකයෙකු වශයෙන් කටයුතු කරයි.
Author |
|
Language | Sinhala |
Pages* | 530 |