ක්‍රි.ව. 1861 දී දන්දියාවේ බටහිර බෙංගාලයේ ඉපදී 1941 දී මියගිය රවින්ද්‍රනාථ ඨාකූර් හෙවත් තාගෝර් තුමා ඉතා ධනවත් හා ප්‍රසිද්ධ බ්‍රාහ්මණ වංශික පවුලක දහ තුන්වන දරුවා විය.නොබෙල් සම්මානයෙන් පුද ලද ප්‍රථම ආසියාතිකයා වීමේ ගෞරවය හිමි වන්නේ මෙතුමාටය.
ගෝරා නවකතාව රවින්ද්රනාථගේ හොඳම නවකතාව ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇත. මේ නවකතාව තත්කාලීන උගත් මධ්‍යම පාන්තික සංස්කෘතික ජීවිතයේ පිළිබිඹුවක් ලෙස විචාරකයෝ සලකති.
යටත් විජිත පාලන සමයේ මෙය ලියූ වකවානුව භාරතීයයන් තුළ අවදිවීමක් ඇති වෙමින් පැවතුණේය. හින්දු සමාජය තුළ පැවති අඩුපාඩු කම් පිළිබඳව අවධානය යොමු කළ ගෝරා නව කතාව භාරතයේ නිදහස සඳහා මග පෙන්වන ග්රන්ථයක් ලෙසද සැලකිණ වංග ජාතිකයන් තුළ පමණක් නොව සමස්ත භාරත වාසීන් තුළ තම සහෝදර වැසියන් කෙරෙහි පැවති වැරදි ආකල්ප පිළිබඳව නැවත සිතා බැලීමට පොළඹවන ආකාරයේ ග්රන්ථයක් ලෙසද ගෝරා හැඳින්විය හැකිය.
---
විභූති භූෂණ බන්ද්‍යාපාධ්‍යාය නම් වූ ශ්‍රේෂ්ඨ වංග ලේඛකයා හඳුන්වා දෙමින් ආරම්භ කළ පරිවර්තන කාර්යය මේ වනවිට අර්ථවත් ලෙස හා ශක්තිමත් ලෙස අතු ඉති ලා වැඩී හමාරය. අරණකට පෙම්බැඳ, ශ්‍රී කාන්ත, ශ්‍රී කාන්ත හා රාජ ලක්ෂ්මී, බිංදුගේ දරුවා නම් වූ ගද්‍ය කාව්‍ය රස නුසුන් කොට රමණීය අයුරින් සිංහලයට නැගීම, මේ ලේඛිකාවගේ පරිවර්තන ක්රියාදාමයේ සාරවත් අස්වනු වේ.
කිසිවෙකුගේ වාරුවෙන් හෝ කිසිවෙකු විසින් ඔසවනු ලැබීමෙන් හෝ තොරව නූතන සාහිත්‍ය ක්ෂේත්රයේ අදීන පෞරුෂයක් සිය ශක්තියෙන් ම ගොඩ නගා ගත් මේ ලේඛිකාව ඇගේ විශිෂ්ට වූ සාහිත්‍ය සේවාව නිසාමය.
වංග සාහිත්‍යයේ හැඩරුව මහත් හැඟීමෙන් හා ගෞරවයෙන් සිය අධ්‍යාත්මයට සමීකරණය කරගත් මේ ලේඛිකාවගේ පරිවර්තන කාර්යයේ අග්‍ර ඵලයකි ගෝරා.
ගෝරා සිංහල පාඨකයා අතට පත්වන්නේ ඒ කෘතියෙන් කුළුගන්වන සමාජ දෘෂ්ටිය සත්‍ය වශයෙන්ම අවධානයට ලක් විය යුතු අවධියකදීය
Author |
|
Language | Sinhala |
Pages | 553 |
There are no reviews yet