ගමේ සෙසු ළමුන් සේ කුඩා ඔවුන් නිරුවත්ව සිටියොත් හෝ නෑ දෑ ගෙයකට තනිව ගියොත් හෝ මව අමන්දාටත් උපේකාටත් තැළුම් දුන්නීය.
තාත්තාගේ සරමක් උපේකා දියට ඇඳීමෙන්, කෝප වූ ඔවුනගේ අම්මා, 'මං මේකිගෙ රෙද්ද කඩලා ලෝකෙට ම පෙන්වනව,’ යි ඔයේ සිටි සැමට ඇසෙන සේ කෑ ගසා ඇයට ගුටි ලෑවාය.
තම සැමියාගේ ලිංගික ඇල්ම නොරුස්නා ඔවුනගේ මව, තමා යම්දාක ́ඔය මිනිහ හැබෑ ගින්නෙන් ම ගිනි ලනව, යැයි කියන්නට වන.
හැබෑට ම එක් රැයක, ඔවුනගේ පියා ගින්නෙන් දැවී මියැදිනි.
අමන්දාත් උපේකාත් තම තැවුල්, රඹුකන් ඔයේ වතුරට කී මුත්, ඊටත් නොකී රහසක් වින.
ළමා වියේ තැතිය හේතුතොට, පළමු රැයේ, මිගාර අබිමුව නිරුවත් විය නො හී නන් ලෙසින් තම සෙළුව වසා ගන්නී අමන්දා අවසන මනාලියක ව පැළැදි පෙති මාලයෙන් තමා වසා ගන්නීය.
යසස සොයා කොළඹට යන මිගාරගෙන් අන් ස්ත්රීන් වහනය වහනය වීමත් සමඟ, ඔහු සරාගී කළ තම ශාරීරික සුවඳ දුගද කරගන්නා අමන්දා ඔහුගෙන් ඈත් වෙමින් ඔහුත් දරු දෙදෙනාත් තම සොයුරිය උපේකාට පවරා හුදකලා දිවි පැවැත්මක් සොයා යන්නීය.
අමන්දා තම නැඟනියට ඇති ආදරය, ඒ ගලායන වතුරටවත් නො කී රහස තුළ වේ.
| Author | P.B. Jayasekara |
| Language | Sinhala |
| ISBN | 9786245865819 |
| pages | 288 |
There are no reviews yet