යුද ගිනි නිවෙයි සිත නොනිවෙයි

පරිවර්තන

By Gunadasa Yapa

Published By Wijesooriya Grantha Kendraya

'යුද ගිනි නිවෙයි, සිත නො නිවෙයි' යනු, දෙවන ලෝක යුද්ධ සමය පසුබිම් කොට, බ්‍රිතාන්‍ය ලේඛිකා ඩී විලියම්ස් (Dee Williams) විසින් රචිත FORGIVE AND FORGET නම් නවකතාවේ සිංහල පරිවර්තනයයි. යුද්ධ කාලයේ ජීවත් වූ අයකු වශයෙන්, එහි බිහිසුණු බව පිළිබඳව ඇය දක්වන විස්තර බෙහෙවින් සිත් කාවදින සුලුය. දෙවන ලෝක යුද්ධය පැවති සමයේ දී (1939-1945), ලන්ඩන් නගරය, ජර්මන් ගුවන් හමුදාවේ බිහිසුණු බෝම්බ ප්‍රහාරවලට නිරන්තරයෙන් ගොදුරු වීමෙන් සිදු වූ ජීවිත හා දේපල විනාශය අතිමහත් ය. රූත් බෙන්ට්ලි සිය දෙමාපියන් සමග වාසය කළ ලන්ඩන් නිවස ද බෝම්බ ප්‍රහාරයකින් සුණු විසුණු වීමෙන් ඇගේ මව ජීවිතක්ෂයට පත් වූ අතර, දරුණු තුවාල ලද පියා අබ්බගාතකයකු බවට පත් විය. යුද සමයේ දී ආරක්ෂාව සඳහා රූත්ගේ එක ම සොහොයුරිය වූ ජොයිස් දරු දෙදෙනා සමඟ ගම්බද පෙදෙසකට ද, ෂර්ලි සහ කැතී නම් වූ රූත්ගේ දියණියන් දෙදෙනා වේල්සයට ද යවන ලද නමුත්, මහජන ආරක්ෂක අධිකාරියේ සේවයට බැඳුණු රූත් ලන්ඩන් නගරය අත් හැර නොගියා ය. මවගේ අකල් මරණයත්, පියා අබ්බගාතයකු වීමත් නිසා උද්ගත වූ දැඩි සංවේදය යටපත් කර ගෙන ඇය දිවා රෑ නොබලා ගුවන් ප්‍රහාරවලට ගොදුරු වූවන්ට ශක්ති පමණින් ආධාර කිරීමේ රාජකාරිය නො පිරිහෙළා ඉටු කළාය......

USD 3.21

Available

Product Details

  • 978-955-52-472-7
  • Sinhala
  • 328
  • 377g