මට්සු මට ආචාර කළේය. නමුත් පෙරළා ඔහුට ආචාර නොකළ මම ඔහු කෙලින් සිට ගන්නා තෙක් බලා සිට මගේ දෑත් ඔහුගේ ගෙල වටා දමා ඔහුව තරයේ වැළඳ ගතිමි.ඔහු නොසෙල්වී සිටියේ සීතලට ගල් ගැසුනාක් මෙනි. ඔහු දෙඅතින් මා වැලදගත් බව දැනෙන තෙක් මගේ ග්රහණය ලිහිල් නොකෙලමි. ඉන්පසු මම ඔහු වෙතින් පියවරක් පසුපසට තබා " සචීව හොදින් බලා ගන්න ඕනෙ. " යි පැවසීමි. මගේ හඩ උස්ව නැගුන මුත් පොඩි දරුවකුගේ මෙන් විය.
"සැබවින්ම. " මට්සු පැවසීය.
" පරිස්සමෙන් මේ ගමන යන්න මම ඔබට සුබ පතනවා. අපි නැවත හමුවෙමු ස්ටීවන් සන්. "
ඔහු පිටව යාමට ප්රථමයෙන් ටික වේලාවක් මා දෙස බලා සිටියේය. දුම්රිය ස්ථානයේ අන්තිම කෙලවරේ ඔහු මදකට නැවතිණ. මට්සු වෙත දිවයාමේ නොතිත් ආශාවක් මසිතහි ඉපදිණ. නමුත් මා දෙපා නොසෙල්විණ. ඔහු මගේ දසුනෙන් ඈත් වී නොපෙනී යන තුරු ඉදිරියට නැවී බලා සිටි මට හඩන්නට ඕනෑ විය.
| Language | Sinhala |
| Pages* | 264 |