මුළු ලෝකයක් සමඟ හෝ සටන් කර ඇයව යළි ප්‍රකෘති සිහියට රැගෙන ආ යුතුය. ඇයට අහිමි වී ගිය සියල්ල ලබා දිය යුතුය. වෛරයෙන් පටන් ගන්නා බැඳීම්වල ශෝකාන්තය තම පරම්පරාවෙන් හෝ නිමාකළ යුතුය. ඒ වෙනුවෙන් තමා වෙත එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය පුහුණ කළ යුතුය.
'සෙතුල් ජේම්ස් පැල්මඩුල්ල' යන රන්පාට අකුරින් හැඩ වූ සුවිසල් කාර්යාලය දෙස නෙත් කොන් බැල්මක් හෙලා දෙනෙත් පියාගත් තම මිතුරා දෙස සිතින් බැලුවේ සුසුමක් හෙළමිනි. ඔහුගේ උරුමය අතහැර දමා, පුංචි පුතුගේ උරුමය වෙනුවෙන් කැපවෙන මේ අරුම පුදුම තරුණියාව ඇදහිය යුතුය. ධනය, බලය, කීර්ති ප්‍රශංසා සියල්ල හැර දමා අද මේ ගෙවන කටුක දිවිය ඔහුගේ අරමුණට ආශීර්වාදයක්ම විය යුතුය.
| Author | Gayana Nilmini Nishshanka |
| Language | Sinhala |
| ISBN | 9786246593292 |
| pages | 248 |
There are no reviews yet