එකිනෙකට වෙනස් මානසික සීමාවල සිටින දෙදෙනෙක්, බැඳී ඇති විවාහ බන්ධනයට හිරවී සිටිය දී, එකිනෙකා වෙත ඇදී යති. එක් අයෙකුට ලිංගිකත්වය හුදුආස්වාදයෙන් තොර අවශ්‍යතාවක් පමණක් වන විට, අනෙකට එය ආදරයේ පිවිසුමකි.
ඔවුන් වටා සිටින චරිත ද සාමාන්‍ය නැත: ආත්මපරිත්‍යාගයෙන් අන්‍යයන් සුවපත් කරන බිරිඳකි, ව්‍යාධියෙන් පෙළෙන සැමියෙකි , මේ දෙදෙනා අතරේ සිටින අනෙකා තම දරුවාගේ ආසම වූ දක්ෂතාව මතින් තම පාපී අභිලාෂ ඉටුකරගන්නා අයෙකි.
ආදරයෙන්, වෛරයෙන් හා ක්‍රෝධයෙන් යුත් මවගේ චින්තාව වටහා ගැනීමට අසීරුය . තම ලෙයින් ද අනිකුත් ලෙයින්ද උපන්, ඇය තම පණ දෙවැනිව තබා ආදරය කරන එම දරුවා ඇගේ චින්තයේ එක් පළුවෙකි .සදාචාර සීමා ඉක්මවා අන් මිනිසෙකුගේ යහනට තමාව තල්ලු කරනු ලැබූ, තම හිමිකමේ රඳවා ගැනුමට ඇයට හැමදා වුවමනා වූ ඇගේ සැමියා එම චින්තයේ ම අනෙක් පළුවයි . ඇය ආදරය කිරීම, හිමිකම රැකගැනුම සහ හෘද සාක්ෂිය අතර වූ සිත් විකල් කෙරෙන තෙරපුමක සිරවේ.
ආදරය, පහස, දෝෂි හැඟීම් සහ පළිගැනීම් අතර දෝලනය වන මිනිස් සිතේ අතිශය සංවේදී මෙන්ම බිහිසුණු සැබෑව, විමසුමට ගෙනෙන නවකතාවකි මේ.
| Author | P.B. Jayasekara |
| Language | Sinhala |
| ISBN | 9786244958147 |
| pages | 330 |
There are no reviews yet