පසුනොබසිමි
By Ranjit Dharmakirti (රන්ජිත් ධර්මකීර්ති)
Published By Sakhila Publishers (සඛිල ප්‍රකාශන)
* 2019 රාජ්‍ය සම්මාන දිනූ හොඳම යොවුන් නවකතාව......
Description
2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් මෙම යොවුන් නවකතාව, එම වසරේ රජිත පුස්තක සම්මාන උළෙලේ අවසාන වටයට ද තේරුණි. මෙම කතුවරයා ලියූ යොවුන් සාහිත්‍ය කෘති පහ අතුරින් හතරක් ම රාජ්‍ය සම්මාන දිනා තිබීම විශේෂත්වයකි. “ යෞවන – වැඩිහිටි ” සාහිත්‍ය කියවන වයස් කාණ්ඩයට අයත් පාඨකයන් ගේ මනස්, යථාර්ථ ලෝකයට යොමු කරමින් චිත්ත ශක්තිය, උට්ඨාන වීර්යය වඩවන තේමාවක් මෙම යොවුන් නවකතාවට පාදක වෙයි.
ඇඹිලිපිටියට නුදුරු ගොවි ජනපදයක පදිංචියට ආ හේන් ගොවියකු ගේ පුතකු වන සාලියට ගමේ පාසලේ දී මානවහිතවාදී ගුරුවරයෙකු හා ගමේ පන්සලේ උගත් හිමි නමක හමු වෙයි. එම සත්පුරුෂයන් ගේ මඟ පෙන්වීම යටතේ පොතපත කියවමින්, ධෛර්යයෙන් යුතුව වැඩ කිරීමෙන් ජයග්‍රහණ සාක්ශාත් කර ගන්නා සාලියගේ චරිතය පාඨකයා හමුවට පත්කරන්නේ ‘ මානිවත්ත අභික්කම ’ යන බුදුවදන ද සිහියට නඟමිනි. සරල රසවත් කතා පුවතක් කියවීමට ඉඩ සලසන කතුවරයා, යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන් තුළ ද චමත්කාරය දනවන නිර්මාණයක් ඉදිරිපත් කරයි.
USD 3.43
Available
Product Details
- 978-955-1300-64-7
- Sinhala
- 220
- 250g
Read And Excerpt