ප්රබන්ධකරණය නම් ගැඹුරුතර ක්‍රියාවලිය, නිරායාසකර ලීලාවෙන්, මා බ්‍රහ්මචර්යාවෙහි රඳවයි. ජීවිතයේ කේන්ද්‍රීය ධාරණාව ලෛංගික සන්තුෂ්ටිය හෙවත් හැමිණිල්ල යැයි සිතා සිටින ජීවන අවධිය අවසන් වන්නේ මෙකී ආශාව කෙළවර වීමෙන් නොවේ.
ඒ වනාහී ජමේට සන්තෘප්ත නොවනා සංවේදනාවක් ලෙස අවබෝධප්රාප්ත වීමෙනි. අප මේ පසු කරමින් සිටින්නේ ලෛංගික සබඳකම් කියා දෙයක් අධිනිශ්චය නොවන, ආශාව මිය යමින්, වේදනාව ම ලඹ දෙන අවධිය යි. භෞතික අභිමුඛවීම් මහා ප්රාතිහාර්යයන් නොවනා බැවින් මා සිතන්නේ මගේ ජීවිතයේ සමකාලීන මොහොත, කවරාකාර හෝ ස්ත්‍රී මායාවකින් දෙදරා නොයන බව යි. ඉදින් මා ස්ථීර වශයෙන් ම මේ කරමින් සිටින්නේ ජීවන වාර්තාකරණයකැයි විශ්වාස ගන්නට සහෘද ඔබට බාධාවක් නැති . සිද්ධ වෙමින් පවතින්නේ මා ද ඇතුළත් අධි තීව්‍රතාවයකින් තොර සංසිද්ධි සමුච්චයකි.
| Author | Manjula Wediwardena |
| Language | Sinhala |
| ISBN | 9786244949138 |
| pages | 176 |
There are no reviews yet