සඳුන් මධුවන්ත ගමගේ - කුළුඳුල් නවකතාව
උදෑසන චන්ද්‍රසිරි
තම කාමරය ඉදිරිපිට
සිදු කරන රංගනය දැක
"තු නොදකින් කාලකන්නියා" කියා
බුලත් කෙළ පහරක් මිදුලට ගැසුවේ
දවසම මුස්පේන්තු වූ හැඟීමෙන්ය...
"හා... හා... නැගිටපන්...
මොකද උඹ උදේ පාන්දර මේ...
සරමත් කරේ ගහ...න් ...?
සිදු වී ඇති දේ චන්ද්‍රසිරි දිහා බැලූ විට
සැම්සන් සාමි හට වැටහිනි.
නැගිටපිය බල්ලා...
උදේ පාන්දර මගේ කාලේ කන්ඩ ආවා...
දීපිය ගිය මාසේ මගෙන් ගත්තු සල්ලි ටික
මගෙන් මැරුම් නොකා
කොපාවිෂ්ඨ වූ සැම්සන් සාමි යටිපතුලෙන්
පහරක් චන්ද්‍රසිරි හට එල්ල කළේ තමන්
තාමත් ශක්තිවන්තයෙක් බව පෙන්වීමටය.
එල්ල කරන ලද පහර බරපතල නොවුනත්
චන්ද්‍රසිරි නැවත තම අද්විතීය රංගනය
විදහා දක්වමින් මිදුල පුරා පෙරලි පෙරලි
ගියේ සැම්සන් සාමි හට නරගයේ වීරයා
සම්මානය හිමිකර දෙමින්ය.
තවදුරටත් රංගනයෙන් හෙම්බත් වූ
චන්ද්‍රසිරි අත්දෙක එකතු කර වැඳ වැටුනේ
තමන් පරාජිතයෙකු යන හැඟීම
ඒත්තු ගැන්වීමටය.
| Author | Sadun Maduwantha Gamage |
| Language | Sinhala |
| 9789557339139 | 9786242108032 |
| pages | 184 |
There are no reviews yet