Devil on the Cross - Ngũgĩ wa Thiong'o
ජෝමෝ කෙන්යාටා ගේ පාලනයට එරෙහිව නාට්‍යයක් කරනු ලැබුයෙන් 1977 දිනක, න්ගුයි වා තියොන්ගෝ අත් අඩංගුවට ගැනීණ.
ඔහු කුරුසයේ ලු යක්ෂයා' ලියනු ලැබූ යේ, කෙන්යාවේ 'කමති' හිර ගෙදර සිටි සමයේ යි. වැසිකිලි කඩදායි වල ලියූ මෙම නවකතාව බන්ධනාගාර නිලධාරීන්ගෙන් සඟවා තැබුව ද, දිනක ඔහුගේ සිර කුඩුවට කඩා වැදී පොලිසිය විසින් කඩදාසි ගොන්න අත් අඩංගුවට ගැනිණ.
පසු කලෙක ජගත් විරෝධතා හේතුවෙන් ඔහු නිදහස් කෙරිණ. අනපේක්ෂිත ලෙසින් නවකතාවේ අත් පිටපත ද නිදහස් කරනු ලැබීය.
මෙම නවකතාව ලත් පිළි ගැනුම ඉතා සිත් ගන්නා සුළුය. ගෙදර ඇත්තන් හවසට එක් වූ විට, ඔවුනතුරෙන් කියවන්නට දන්නා අයෙක් සෙස්සන් සඳහා එය හඬගා කියවූහ. බසයන් තුළදීත් මටාටු තුළදීත් නවකතාව කියවනු ලැබී ය. සුරා සැලක බීර බෝතලයක් බොමින් සිටිනෙක් එය හඬනගා කියවීම අරඹයි. බීර බෝතලය හිස් වූ සැණින් පසෙක තැබුණු එම පොත යළි කියවා ගනු වස් කිසිවෙක් ඔහුට තවත් බිර බෝතලයක් පිළිගන්වයි.
| Author | P.B. Jayasekara |
| Language | Sinhala |
| ISBN | 9786244958116 |
| pages | 376 |