එදා අධිරාජ්‍යයේ නව සිතියම අඳින්නට මාලිගයට සිතියම්වේදීන් පැමිණි දිනය අන් කිසිදු දිනයකින් වෙනස් එකක් ලෙස කිසිවෙකුට දැනී නොතිබිණි. නමුත් එතැන් පටන් අධිරාජයා කරා නින්ද නොපැමිණියේය.
සිතියම්වේදීන්ගේ පැමිණීමත් අධිරජුගේ නින්ද අහිමි වීමත් අතර ඇති ඒ අබිරහස් සම්බන්ධය කුමක්ද?
අධික කම්සැප ගෙනෙන වෙහෙසින්, මධුවිතෙන් හෝ කිසිදු නිදි ඔසුවකින් පිළිසරණක් නොලැබ අධිරජු පියවි සිහියේ විකල් අන්ත වෙත ඇදී යාමට ආසන්නය. ඔහු සුවපත් කළ හැකි නිද්‍රා සුගන්ධය සතු විලවුන්කරුවා අධිරාජ්‍යයේ කිසියම් තැනක සැඟවී ඇත.
ඔහු සොයා ගන්නා මංලකුණු දන්නේ කවුද?
| Author | Kaushalya Kumarasinghe |
| Language | Sinhala |
| ISBN | 9786244949176 |
| pages | 184 |
There are no reviews yet