A YOUNG ADULT FICTION BY THE Co - AUTHOR OF
Forget Me Not
“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”
පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දළුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee...!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනේ කීවේ.”
“ඒත් මේක හිටෙව්වේ මම නෙමෙයිනේ.”
“මේ ගහ හිටෙව්වේ මම. එයාට නමක් දුන්නෙත් මම.”
“කසුන්... ඔයාට මතකද මම ඉස්කෝලේ හිටවපු ඇහැළ ගහ? අපි ඒකට ඔයාගේ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි. අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන...!”
Author | Chathuri Damayanthi |
There are no reviews yet