විවිධ අනුභූතීන් තම නවකතාවලට වස්තු කොටගෙන පාඨකයාට සාහිත්ය රස වින්දනය සඳහා අවස්ථාව සලසාදීම හැරිසන් ද සිල්වාගේ නවකතාවල ඇති විශේෂත්වයකි. මෙවර ඔහු විසින් රචිත 'වෙස් මුහුණු සහ සැබෑ මුහුණු' එවැනි නවකතාවකි. මොහොතක් මොහොතක් පාසා වෙනස්වීමේ ගතික ස්වභාවය මිනිසත් බවේ පොදු ලක්ෂණයකි.
හැරිසන් ද සිල්වාගේ වෙස් මුහුණු සහ සැබෑ මුහුණු නමින් යුත් නවකතාවේ මිනිසුන්ගේ හැසිරීම්, එකිනෙකා අතර පවතින රුචි අරුචිකම්, ගැලපීම්, නොගැලපීම් හා චරිත සිද්ධි රූපණ මගින් කථා වින්යාසයට ගෙන ඒමට මාහැඟි සූරකමක් පෙන්වා ඇත. තම නවකතාවට අදාළ යම් යම් සිද්ධි රූපණ මගින් එළිදැක්වීමට සැලසීම නවකතාකරුවකුගේ නිසග දක්ෂකමකි.
නවකතාව නොකඩවා කියවීමට පාඨකයා පොළඹවන රුචියක් ජනනය කිරීමට කතුවරයා ඉඩ සලසා ඇත්තේ විවිධ උපායශීලී මං ඔස්සේය. ලේඛකයාගේ කථා සංදර්භය, අන්තර්ගතය, ආකෘතිය සහ භාෂා රීතිය මුහුකුරා ඇති බව ප්රශංසාවෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි.
නවකතාකරුවා සිය අත්දැකීම් ඉදිරිපත් කිරීමට යොදාගත් විවිධ ආකෘතිමය ලක්ෂණ නිසා පාඨක රසවින්දනයට මග පෑදී තිබේ. හැරිසන් ද සිල්වාගේ කතා ශෛලියේ සුවිශේෂ දක්ෂකමක් වනුයේ ඔහු සැමවිටම එකිනෙකට වෙනස් අත්දැකීම් සමුදායන් මගින් නවකතා නිර්මාණයට දක්වන නිපුණතාවයයි.
| Author | Harison De Silva |
| Language | Sinhala |
| ISBN | 9789553138149 |
| pages | 256 |
There are no reviews yet