මද්දුමී ස්වභාවයෙන් ම කලහකාරී ය. කා සමඟ හෝ කටු අත්තක් සේ පැටලෙන්නට කැමැතිය. නමුත් කාටත් වඩා උණුවන සිතක් ඇත්තේ ද මද්දුමීට ය. ගෙදර කාට හෝ උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් ඇයට නින්දක් නැත. ඇයට බාල සහෝදර සහෝදරියන් හය දෙනාගේ සෑම දෙයක් ම සිදු වන්නේ ඇගේ අණසක යටතේ ය. තමාට වඩා මද්දුමීගේ කීමට ඔහුහු අවනත වෙති. දෙවැනිට වියදම් කළ මුදලින් සොච්චමක්වත් මද්දුමීගේ කොළඹ ගමනට යන්නේ නැත. ඇය දෙයක් ඉල්ලන්නේත් සිතා බලා ය. තමන් මද්දුමීගේ වැඩේ කර ඇරියා යැයි මද්දුමී කියනු ඇත. තවත් වරක් සභාපති මහත්තයට ඇවටිලි කර බැලිය යුතු යැයි ඇයට සිතුණි.
| Author | Darshana Shammi Wijethilaka |
| Language | Sinhala |
| 9789557339139 | 9789553136480 |
| pages | 174 |
There are no reviews yet