ටොම් සෝයර් යනු ඇමරිකානු ජාතික විශිෂ්ට ලේඛකයකු වන මාක් ට්වේන් (1835-1910) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි. මෙය ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය වූවකි. මිසිසිපි නදිය අසබඩ මිසුරි ප්‍රාන්තයේ හැනිබාල් නම් කුඩා නගරයේ සිය ළමා විය ගත කර මාක් ට්වේන් මෙම කෘතියට පසුබිම් කර ගත්තේ 1830 දශකයේදි ඔහු රස වින්ද ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි. කථා නායකයා ඉතා කෙළිලොල් කුඩා කොලුවෙකු වන ටොම් සෝයර් දවස පුරා යහළුවන් සමග එක් වී දගකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩම්මා රවටන අයුරුත් බෙහෙවින් හාස්‍ය ජනකය. ටොම්ගේ චරිතය නිර්මාණය කිරිමේදි මාක් ට්වේන් සිය චරිත ලක්ෂණ සහ ජීවිතයේ සිදුවිම් යොදා ගෙන ඇත. කථාවේ ස්වාභාවික, නිරායාස ගලායාමට මෙය හේතුවක් වී තිබේ. ඉතා කාර්ය බහුල තරඟකාරි අවිවේකි ජීවිත ගෙවන අප තුළ මේ සුන්දර ගැමි පරිසරයද එහි වසන චාම් සරල ගැමියන්ගේ පැවතුම්ද කුඩා ටොම්ගේ දඟකාරකම්ද මහත් චමත්කාරයක් විනෝදයක් උපදවයි.
| Author | Rani Senarathna Rajapaksha |
| 9786245663415 | 97895515591046 |
There are no reviews yet