ඒ යුද්ධය රාක්ෂයෙකි.
සියක් වසරක් තිස්සේ රට පුරා
නගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙන
මිනිසුන් අමු අමුවේ කකා සිටි රාක්ෂයෙකි.
අවුරුදු දහහතක් වයසැති මේ ළමයා
සිය සුකුමාර ළපටි අතින් පහර දී ඌ බිම
හෙළා ඇත.
අර බලන්න! ඌ අත්ත පාතේ රණ බිම මඩ වගුරක ආයිත්
නොනැගිටින සේ
දරදඬු වී මැරී වැටී සිටින හැටි
| Author | Madhavi Senarathna |
| 9786245663415 | 9786245546176 |
There are no reviews yet