මන්දර..,
මහ වැහි වතුරට අපේ නිල පිරිච්ච කන්ද
හිටි හැටියෙම කඩන් වැටුණා මන්දර.
ඒත් එක්ක මගේ හිතත් කුඩුපට්ටම් වෙලාම ගියා.
අපේ අහිංසක හීනත් ඒ කන්දටම යට වෙලා ගියා මන්දර.
ඔයා දන්නෙ නෑ මං පොළොවෙ හැපුණ තරම්.
අපේ මතක, පපුවෙ ගැඹුරුම තැන හංගන් මං මේ තාමත්
තෙත පිරිච්ච කඳුළු දිය සීරාවේ ඇවිද යන ගමන්.
මහ කඳුත් දරා ගන්න බැරිම වෙද්දි කඩන් වැටෙනවා මන්දර.
ඒත් දවසක ඒ කඳු මත්තෙ ආයෙ ලස්සන, පුංචි මල් පීදෙනවා.
ඔයා දන්නවද,
අපි දෙන්නටම වගේ හැම කන්දකටම තියෙනවා දුක හිතෙන
කතාවක්...!!
නිත්යා.
| Author | Dilu Sandamali Rasangika Mapa |
| Language | English |
| 9789557339139 | 9789557339238 |
There are no reviews yet