Things Seen in Ceylon - Clare Rettie
19 වන සියවසේ ලංකාවට බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ අතර, ක්ලෙයා රෙටී 1920 දශකයේ අගභාගයේ ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ලේඛිකාවකි. මෙරට සංස්කෘතිය සහ ස්වාභාවික සුන්දරත්වය අත්විඳීමට ආශාවෙන් පැමිණි ඇය දිවයිනේ සෑම ඉසව්වකම දීර්ඝ සංචාරවල නිරත වූ අතර සියුම් නිරීක්ෂණ ශක්තියකින් යුතුව ලංකාවේ සමාජ ව්‍යුහය, සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් දෙස ආදරයෙන් සහ ගෞරවයෙන් බැලූ ලේඛිකාවකි. ඇයගේ විචිත්‍රවත් ගද්‍ය ලේඛන විලාසය හේතුවෙන් 20 වන සියවසේ මුල් භාගයේ ලංකාවේ සමාජීය හා සංස්කෘතික පසුබිම වර්තමාන පාඨකයාට ස්මරණය කළ හැකිය.
ඇය තම කෘතියේ පෞද්ගලික අත්දැකීම් මෙන්ම ලංකාවේ තානායම්වල ගතකළ සමයේ අත්විඳ රසවත් මෙන්ම දුෂ්කර අත්දැකීම් ද සටහන් කර ඇත. පරිච්ඡේද 14 කින් සමන්විත මෙම කෘතියෙන් කොළඹ, ගාලු, මාතර, නුවරඑළිය, මහනුවර, ත්‍රිකුණාමලය, යාපනය, ශ්‍රී පාදස්ථානය වැනි ප්‍රදේශ සහ පැරණි නටබුන් නගර මෙන්ම තේ වතු ආශ්රිත ජීවිතය පිළිබඳව ද එකල ලංකාවේ පැවති ස්වාභාවික පරිසරය, සහ වනාන්තර, මීදුමෙන් වැසුණු කඳුකරය මෙන්ම වෙරළබඩ නගර සහ ග්‍රාමීය ජීවිතය පිළිබඳව ද සවිස්තරාත්මක තොරතුරු අනාවරණ කෙරේ
ඇය මෙම කෘතිය රචනා කර ඇත්තේ එකල බ්‍රිතාන්‍යයේ සුප්‍රකට "Things Seen" නම්කති සංචාරක කෘති මාලාව සඳහාය. මෙම කෘතිය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1929 වසරේ ලන්ඩනයේ Seeley, Service Co. ආයතනය මගිනි. ඒ අනුව ඇය එකල ප්‍රකට ප්‍රකාශන ආයතනයක් සඳහා නිල වශයෙන් සංචාරක සටහන් සැපයූ දක්ෂ ලේඛිකාවක වූ බැව් පෙනේ. ඇය ගැන වැඩිදුර තොරතුරු මෙම කෘතියේ හෝ අන්තර්ජාලයේ හෝ නොමැත.
| Author | Priyanjan Suresh De Silva |
| Language | Sinhala |
| ISBN | 9786244958208 |
| pages | 176 |
There are no reviews yet