උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය සහ ශාස්ත්‍රපති උපාධියද ලබාගත් හැරිසන් ද සිල්වා රාජ්‍ය සේවයේ විවිධ මට්ටමේ මාණ්ඩලික නිලධාරී තනතුරු දැරීය. ඔහු උසස් අධ්‍යාපනය ලබන අවධියේ සිටම විවිධ ලේඛන හා ශාස්ත්‍රීය කටයුතුවල නිරත විය.
රාජ්‍ය ශිෂ්‍යත්වයකින් තායිලන්තයේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ඔහුට අවස්ථාව ලැබුණි. 'සෙනෙහසක සුවඳ' නම් වූ දෙවන නවකතාවද ඔහු අතින් ලියවෙන්නේ එහිදී ලබාගත් අත්දැකීම් පාදක කොට ගැනීමෙනි. මෙම නව නිර්මාණය විසම්මුතික සෙනෙහස නවකතාවේ දෙවැනි කොටස සේ සැලකිය හැකිය. එසේ වුවද සෙනෙහසක සුවඳ කේවල නිර්මාණයක් ලෙසින් රසවිඳීමට කිසිදු බාධාවක් නොමැත.
තායිලන්ත විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපන කටයුතු පිණිස යන ශ්‍රි ලාංකික තරුණ රාජ්‍ය නිලධාරියෙකු සහ තායිලන්ත සුරූපී, තරුණ බැංකු නිලධාරිනියක අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයක් විසම්මුතික නවකතාවට පාදක විය. එහිදී තරුණියගේ පිය පාර්ශවයෙන් එල්ල වූ විවිධ බාධා නිසා දෙදෙනා අතර විවාහය සිදු නොවන තත්ත්වයක් ඇති විය. මෙම නවකතාවෙන් කියවෙන්නේ විවිධ බාධක ජයගැනීමෙන් පසු විවාහ ජීවිතයට පිවිසෙන ආකාරයයි. එසේ වුවද ඔවුන්ගේ ජීවන ගමන සිදුවන්නේ විවිධ හැලහැප්පීම් සහ බාධා මැදය. දරුවන් හා දෙමාපියන් අතර වන පරම්පරා ගැටුම මෙහිදි චිත්රණය කරන්නේ සානුකම්පිතවයි.
| Author | Harison De Silva |
| Language | Sinhala |
| ISBN | 9789553134219 |
| pages | 264 |
There are no reviews yet