ඇය කැඩී බිඳුණු බව
ලෝකයා සිතනු ඇත
එහෙත් ඇය සිතන්නේ නව
ඇරඹුමක් බවය
අඳුරුබර වුව ද රැය
සොඳුරු සිතුවම් මවයි
නිසංසල ඒ රැය කාගෙවත්
නොවේ ඇයගෙමයි
දැන් ඇය සුවෙන් නිදන්නී
හඬ නඟා සිනාසෙන්නී
ඇයටම පෙම් කරන්නී
ඇය ඇයම වන්නී
ඇය අනුන්ගෙන් පැතුවේ
ඒ ප්රේමයම නොවන්නේ ද..?
| Author | Chandi Kodikara |
| Language | Sinhala |
| ISBN | 9786246001223 |
| pages | 351 |
There are no reviews yet