Marianne Hering. Paul McCuscker විසින් රචිත The Imagination Station කථා මාලාවේ තෙවැනි පොත, Peril in The Palace ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.
“කුරුස යුද්ධ කියන්නේ ආගම වෙනුවෙන් කරන යුද්ධවලට.
නයිට්වරු තමයි ඒ යුද්ධවලට නායකත්වය දෙන්නේ. ශුද්ධවූ දේශයේ ඒ විදිහේ කුරුස යුද්ධ ගොඩක් සිද්ධ වෙලා තියෙනවා.
“ඇත්තටම අපේ නයිට්වරයා නම් අපිව මෙහාට එව්වේ සංදේශයක් භාරදෙන්න. යුද්ධයකට නෙවෙයි.”බෙත් කියු කථාව අසාගෙන සිටි ආගන්තුකයා නැවත මෙසේ ඇසුවා.
“මොකක්ද ඔයාලගේ සංදේශය?.
“ඔයා ළඟ තියෙනවා වාගේ රන් පුවරුවක් අපිට හොයාගන්න ඕනෑ.”
"ඒක ටිකක් අමාරු කාරණයක්. අධිරාජ්‍යයාගේ ළඟම හිතවතුන්ට විතරයි මේ වගේ රන් පුවරුවක් හිමිවෙන්නේ. මේ පුවරුව මුලින්ම ලැබිලා තියෙන්නේ අවුරුදු අටකට කලින් මගේ පියාට සහ මාමා ට. ඒ කාලෙදි තමයි ඔවුන් මේ රටට පැමිණිලා තියෙන්නේ"
| Language | Sinhala |
| ISBN | 978-624-5865-23-9 |
| Pages | 112 |
There are no reviews yet