ශ්රී ලංකාවේ ප්රාග් ඓතිහාසික යුගයේ සිට ක්රි.ව. 1978 දක්වා වූ දිවයිනේ දේශපාලන, සමාජීය සහ සංස්කෘතික ඉතිහාසය මෙහි විස්තර කෙරේ
පුද්ගලයෙකුට ලෝකයෙහි තමාට හිමි තැන අවබෝධ කර ගැනීමට ඉතාම හොඳ මාර්ගය වන්නේ තමා අයත් රට ජාතියේ ඉතිහාසය විමසා බැලීමයි. ඉතිහාසය පිළිබඳ සබුද්ධිකභාවය තුළ ඇයෙකුට අතීතය පමණක් නොව වර්තමානය ද අවබෝධ කරගත හැකිවා පමණක් නොව එයින් ම අනාගතය ගැන ද යම් යම් අනුමානයන්ට පිවිසිය හැකිය. කාර්ල් මාක්ස් පවසන අන්දමට පළමුව ඛේදවාචකයක් ලෙස ද, දෙවනුව උපහාසයක් ලෙස ද ඉතිහාසය නැවත නැවත සිදුවේ. එඩ්වඩ් හැලට් කාර් වර්තමානය තේරුම් ගැනීමේ යතුර ඉතිහාසය යැයි දක්වයි. ලුක්රිෂස් පවසන අයුරු ඉතිහාසය අපගේ මරණයෙන් මතු අනාගතය පෙන්වන කැඩපතකි.
මෙම පොත ප්රාග් ඓතිහාසික යුගයේ සිට 1978 තෙක් ශ්රී ලාංකීය ඉතිහාසය මාතෘකා 58කට ගොනු කර දක්වන්නකි. ඉතිහාසය ගැන දැනුමක් ලබාගන්නට පමණක් නොව තමන් උපන් දේශය ගැන ඓතිහාසික යථාර්ථයන් අවබෝධ කර ගන්නට ද මෙය ඕනෑම ශ්රී ලාංකිකයෙකුට පිටුවහලක් වනු ඇත.
| Author | Shantha Gannile |
| Language | Sinhala |
| ISBN | 9789553096661 |
| pages | 419 |
There are no reviews yet