ළමාවිය සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි.
ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලූවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලූ ඉගැන්වීම් කලාවක් භාවිතා කරමින් නිමවා ඇති මෙම විනෝදාත්මක අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිදත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්ප්‍රදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට අකුරු ”ඉගැන්වීමට” නොව අකුරු ”රසවිඳීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩ නගා ඇත. එමෙන්ම මෙහිදී විශේෂයෙන් වර්තමාන දරුවාගේ මානසික සංවර්ධනයට වඩාත් යෝග්‍යවන ලෙස අවට පරිසරය මෙන්ම චිත්‍රකලාව, සංගීතය, කවි, කතන්දර, කාටූන් සජීවීකරණය ඇතුළු බහුමාධ්‍ය (Multimedia) අංග සියල්ලම නවීන තාක්ෂණය උපයෝගී කොට සමබරව සංකලනය කර ඇත. ළමාවියේ දඟකාරකම් මෙන්ම ආදරය, කරුණාව, සංවේදීබව, වීරත්වය, දේශාභිමානය ආදී යහගුණ හා පෞරුෂ වර්ධන සංකල්පද ඉතා කුඩා කල සිටම වර්ධනය වන අයුරින් ගොඩනගා ඇති මෙය පැය 1 විනාඩි 46ක් පුරා දිවෙන අතර දරුවාට අවධානය තබාගත හැකි මට්ටම අනුව කොටස් වශයෙන් නැවත නැවත බැලීම වඩාත් සුදුුසු වේ.
පිංචි නම් කුඩා දැරියක හා සුරංගනාවියක වටා ගෙතී ඇති මෙම සංගීතමය කාටූන් චිත්‍රපටය ශී‍්‍ර ලංකාවේ මෙතෙක් නිර්මාණය වී ඇති පළමු අධ්‍යාපනික කාටූන් චිත්‍රපටයද වේ.
වත්මන් පරපුරෙන් කෙමෙන් ඈත්වෙමින් පැවතුණු සිංහල භාෂාව, මෙතුළින් නැවතත් දරුවන්ගේ නොමඳ ආදරයට පාත්රවීමත්, සිංහල අකුරු ඉගෙනීම දරුවන්ට ඉතා සතුටු කටයුත්තක් බවට පත්වීමත්, විශේෂ කරුණකි.
Author | Janaki Sooriyarachchi |
Language | Sinhala |
There are no reviews yet