බුදු, පසේබුදු, මහරහත් යන යන තුන්තරා බෝධියෙන් එක් බෝධියකටවත් පත් නොවී කිසිවකුට සසර දුකින් මිදී නිවන් දැකීම කළ නොහැක්කකි. එමෙන්ම ඒ ඒ තත්ත්වයන් ලබා ගැනීම ද එම තත්ත්වයන්ට අදාළ පාරමිතාවන් සම්පූර්ණ කිරීමෙන් තොරව කළ නොහැක්කකි. එනිසා පාරමිතා ධර්මයෝ නම් නිවන් දක්නට වීරීය කරන සෑම කෙනෙකුම නිවැරදිව අවබෝධ කර ගත යුතු දහමකි. පාරමිතා ධර්මයන් පිරීමේදී කුශලය උසස් වන ආකාරය මෙම පොතින් විස්තර කෙරෙන අතර ඒ ඒ පාරමිතාවන්ට අදාළව බෝසත් පාරමිතා කථාවන් දක්වා තිබීම මෙම ධර්මයන් පිළිබඳව හේතු සහිතව කරුණු අවබෝධ කර ගැන්මට මහෝපකාරී වෙයි. එහෙයින් නිවන් දක්නට උත්සාහවත් වන සැදැහැවතුන් හට මේ ග්‍රන්ථය හස්තසාර ග්රන්ථයක් වනු නොඅනුමානය.
පාරමිතා පිරීමේදී කුශලය උසස් වන ආකාරයෙන් කරන හැටි මේ පොතේ උගන්වයි.වර්තමාන භවයේ දී රහත් වීමට උත්සාහ කිරීමට චිත්ත ශක්තියක් නැති අනාගතයේ දී රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් ද කවදා හෝ එය සිදු කර ගත හැකි වනු සඳහා ඒ බෝධියට නිසි පාරමිතා කුශල් කළ යුතු ය. එය කළ හැකි වීමට පාරමිතා පිළිබඳ දැනුම ඇති කර ගත යුතුය. මේ පොත කියවීමෙන් පාරමිතා ගැන පිරිසිදු දැනීමක් ඇති කර ගත හැති ය.
Author | Venerable. Rerukane Chandawimala Maha Nayaka Thero (පූජ්‍ය. රේරුකානේ චන්දවිමල මහා නායක හිමි) |
ISBN New | 955-8663-06-9 |
Language | Sinhala |
Pages* | 0 |