Mythos The Greek Myths Retold - Stephen Fry
ග්රීක පුරාවෘත්ත යනු මෙතෙක් කියැවී ඇති විශිෂ්ටතම කතා වලින් කිහිපයකි. සහස්ර ගණනාවක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට පැවත එමින්, ශේක්ස්පියර්, මයිකල්ඇන්ජලෝ, ජේම්ස් ජොයිස් සහ වෝල්ට් ඩිස්නි වැනි එකිනෙකට බෙහෙවින් වෙනස් වූ ලේඛකයන් හා කලාකරුවන් පවා ඒවායින් ආභාසය ලබා ඇත.
ඒවා බටහිර ලෝකයේ සම්ප්රදායන්, කතාන්දර සහ සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැස තිබේ. ඔබ සියුස්ට ආදරයෙන් බැදෙනු ඇත, ඇතීනාගේ උපත පිළිබඳව විස්මයට පත් වනු ඇත. ක්රොනෝස් සහ ගයා එක්ව උරනොස්ගෙන් පළිගනු දැක වේදනාවෙන් හැකිළෙනු ඇත. මයිඩැස් රජු සමග එක්ව කඳුළු සලනු ඇත, සුන්දර මෙන්ම බිහිසුණු ආර්ටෙමිස් සමඟ දඩයමේ යනු ඇත.
| Author | Dilan D. Prasanga |
| Language | Sinhala |
| ISBN | 9786244958222 |
| pages | 528 |
There are no reviews yet