ඒ 1987 වර්ෂයයි. නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණකි. මධ්‍යම පාන්තික පවුලකට අයත් දහහත් හැවිරිදි දැරියක වූ නිරෝමි එදින සිටියේ අතිශය බිහිසුණු වූ යුද්ධ භූමියක ය. ඇගේ දෑතෙහි ගිනි අවියකි. ගෙලෙහි සයනයිඩ් කරලකි. ඇයගේ සමීපතම යෙහෙළිය වූ අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී සිටියා ය.
ප්‍රථම කාන්තා කොටි සෙබළ මුළුවට ශිෂ්‍ය කොටි සංවිධානයෙන් එක් වූ මුල් ම සාමාජිකාවන් වූයේ නිරෝමි සහ අජන්ති ය. දෙදෙනා සටන් වදිමින් සිටියේ ශ්‍රී ලාංකික රාජ්‍ය හමුදාවන්ට එරෙහිව ය.
| Language | Sinhala |
| ISBN | 9789553100290 |
| Pages | 440 |
There are no reviews yet