'කළු උස මනුස්සයෙක්' ප්රින්ස් සේනාධීරගේ දෙවන කෙටිකතා එකතුවයි. කෙටිකතා අටකින් සමන්විත මෙම කෙටිකතා සංග්රහය ලාංකේය නූතන කෙටිකතාව තුළ සුවිශේෂී සලකුණක් සටහන් කරනු ඇති බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. මිනිස් හැඟීම් හා හැසිරීම් හි සියුම් සංකීර්ණතා තම කෙටිකතා තුළදී මැනවින් ග්රහණය කරගන්නා සේනාධීර, ඒවා කෙටිකතා රචනා ශිල්පයේ සංකීර්ණතා නොවන භාවිතයන් තුළින් නිර්මාණය කරන්නේ ලාංකේය ජන විඤ්ඤාණයේ ඉසියුම් තැන් මනාව ග්රහණය කර ගනිමිනි. නූතන ලාංකේය සමාජ යථාර්ථය නිරූපණය කරලීම උදෙසා ප්රින්ස් සේනාධීර 'කළු උස මනුස්සයෙක්' කෙටිකතා සංග්රහය තුළ ප්රකට කරන ප්රතිභාව ප්රශස්තය.
| Language | Sinhala |
There are no reviews yet