Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ 07, Secret of The Prince'Tomb ග්රන්ථයේ සිංහල පරිවර්තනයයි.
'' ගංගාවේ ජලය ඔය රේඛාවට ඉහළින් ආවම තමයි නයිල් නදිය පිටාර ගලන්නේ. එහෙම නොවුණොත් පලාතම වියැලෙනවා. දැන් ඔයාලා හිටගෙන ඉන්නේ කළු භූමිය කියන පොළවේ.”
"මට නම් මේ පොළව පෙනෙන්නේ කොල පාටට.”
පැට්රික් පොළව දිහා බලලා කිව්වා. නමුත් ලටීෆ් ඒ අදහසට එකඟ වුණේ නෑ.
'' නයිල් නදිය හැම අවුරුද්දේම පිටාර ගලනවා. එහෙම වුණාම තමයි මේ කළු පොළව සරුසාරු වෙන්නේ.
ගඟ පිටාර ගැලුවේ නැතිවුණොත් පොළව වියලිලා, නිසරු වෙනවා. එහෙම වුණාම ඔයා හිටගෙන ඉන්න පොළව 'රතු පොළව' බවට හැරෙනවා.”
" රතු පොළව කියලා කියන්නේ කාන්තාරයට නේද ?.”
| Language | Sinhala |
| ISBN | 9786245865338 |
| Pages | 116 |
There are no reviews yet