THE FLOWERS OF HIROSHIMA | Editha Morris
හිරෝෂිමාවේ මල් | සුමිත්‍රා රාහුබද්ධ
අවුරුදු දහහතරකට පෙර මමද පරමාණු බෝම්බයෙන් බේරෙන්නට දිව යන ජනතාවක් සමග මේ ලෙසින්ම දිව්වෙමි. වසර දාහතරක් තිස්සේ ඔවුහු මගේ හිසෙහි සිටිමින් දිව යති. අද රාත්‍රියෙහි ඔවුහු නැවත හිරෝෂිමාවට පැමිණ සිටිති. ඔවුහු මා පසුපස දිව එති, ඔවුන්ගේ මුහුණු කළු ගැසී ඇත. ඔවුන්ගේ ඉරී ගිය හම උරහිසින් එල්ලී වැටෙයි. මම ඔවුන් හඳුනා ගනිමි. මහා නපුරු සිහිනයකදී දකින මිනිසුන් මෙන් මම ඔවුන් හඳුනා ගනිමි. මුළු මුහුණම පිළිස්සී ගිය අර දැරිය, සිය බිරිඳ පිටෙහි තබාගෙන දිව ගිය මිනිසා මා දෙපසින් දිව ගියහ. රවුමට දණගසාගෙනම මිය ගිය පාසල් ශිෂ්‍යයින් සිටි පාසල අපි පසුකර ගියෙමු. ආ අර බල්ලා ද සිටියි. පාරෙන් අයින් වෙයන්. ඔබගේ පා නිය තාරවල ඇලී ගොස් නොවේද ? අප ඉක්මනින් දිව නොගියොත් අප හැමදෙනාටම සිදුවන්නේ එයයි. අපද ඔබ මෙන්ම අමු අමුවේම පිළිස්සී යනු නිසැකය.
| Language | Sinhala |
| Pages | 148 |
There are no reviews yet