වත්මනේ හැම මනුෂ්‍ය ජීවිතයක් ම කාලාන්තරයක් තිස්සේ ජරාජීර්ණ ආණ්ඩුකරණයක් තුළ වෙහෙසට පත්ව තිබේ. කිසිම සමාජ සංස්ථාවක් නිරුපද්‍රිතව නැත. බලය වෙනුවෙන් මනුෂ්‍ය ජීවිතයක පැවැත්ම තීන්දු කරන අන්දම සාහසික ය. අපරාධයකට නීතිය ක්‍රියාත්මක වීමක් හෝ 'යුක්තිය' ඉටු වීමක් විද්‍යාමාන නොවේ. අනෙත් පැත්තෙන් මනුෂ්‍ය සම්බන්ධතා බිඳ වැටෙන 'යුරු ශෝචනීය තත්වයක ය. මෙබඳු පසුබිමක නිර්මාණකරුවෙකුට හැම අවකාශයකදී ම අත්විඳින්නට ලැබෙන්නෙ විවිධාකාර සමාජ දේශපාලන - සංස්කෘතික හේතු සාධක මත විපරීත යථාර්ථයන්ය.
මේ කෙටි කතා සංග්‍රහයේ සියලුම කතා සමාජ - දේශපාලන - සංස්කෘතික ක්ෂේත්රයන් විෂයෙහි අනුවේදනීය වූ සසලවීම් හා සහකම්පනට පාදක කර ගැණුන ඒවා වේ. හැම කතාවක්ම පාඨකයා සමඟ තාර්කික පදනමක ස්වයං සංවාදයන් ගොඩ නැඟීමට අදාළ 'කල්පනා' උද්දීපනය කරන සුළු ය.
ජීවිතය, සමාජ බලවේග විසින් ද - සමාජය, විවිධාකාර දෘෂ්ටිවාද විසින් ද - 'හසුරුවන අන්දම' අනුවේදනීය වියමන් ඔස්සේ ඉදිරිපත් කරන මේ කෙටි කතා - පාඨයාගේ ජීවිතාවබෝධය පුළුල් කරන අභිප්‍රායෙන් රචිත ය.
Author | Sarath Wijesooriya (සරත් විජේසූරිය) |
Language | Sinhala |
Pages | 0 |
There are no reviews yet