‘ගිලුණු නැව සොයා ගත් වීරයෝ’ යනු මගේ සයවැනි (6) යොවුන් නවකතාව යි.
මීට පෙර මා ලියූ ‘ අභයභූමිය,’ ‘අහස පොළව ළංවෙලා,’ ‘සැඟවුණු ලෝකය,’ ‘සොර නැව බිලි වුණු සුනාමිය’ හා ‘පසු නොබසිමි’ යන යොවුන් නවකතා පාඨක ප්රචාරක ප්‍රශංසාවට භාජන විය.
* එමෙන් ම ‘අභයභූමිය,’ ‘අහස පොළොව ළං වෙලා,’ ‘සොරනැව බිලි වුණු සුනාමිය’ හා ‘පසු නොබසිමි’ යන යොවුන් නවකතා හතරට ම රාජ්‍ය සම්මාන හිමි වී තිබේ.
ඇතැම් යොවුන් නවකතා පහළොස්වැනි මුද්‍රණය ද පළ වී ඇත.
මගේ මේ නවතම යොවුන් නවකතාව ‘සොර නැව බිලි වුණු සුනාමිය’ නමැති කතාවට සමාන සමුද්‍ර පසුබිමක් මත ලියැවී ඇත. එ නමුත් ඒවා යේ තේමාවන් හා චරිත එකිනෙකට ඉඳුරා වෙනස් ය. වස්තු විෂය ද තේමාව ද ‘අභයභූමිය’ නවකතාවේ සිද්ධිදාමය සිදු වන්නේ කල්පිටිය පැත්තේ කලපුවට අයත් රහස් දූපතක ය. එ නමුත් මෙම නවකතාවේ සිද්ධි පාදක වී ඇත්තේ මන්නාරමට ඔබ්බෙන් පිහිටි සමුද්‍රයේ ගිලුණු නෞකාවක් පසුබිම් කරගෙන ය.
එමනිසා මෙම නවකතාවේ වස්තු විෂය, පාඨක ඔබට නව ම අත්දැකීමක් වනු නිසැක ය. මෙම යොවුන් නවකතාව ඉතාමත් අභිමානයෙන් යුතු ව පාඨක ඔබට මෙසේ පිරිනමමි.
Author | Ranjit Dharmakirti (රන්ජිත් ධර්මකීර්ති) |
Language | Sinhala |
Pages | 64 |