''ඔයාට මේ ඩයිනෝසර් රහස සදාකාලයටම හංගාගෙන ඉන්න ලැබෙන්නේ නෑ. මොකද ට්රිසෙරාටොප්ස් කියන්නේ කොම්ප්සොග්නාතස් වගේ පුංචි, සුරතල් ඩයිනෝසරයෝ වර්ගයක් නෙවෙයි. මේ ඉන්නේ තවම වැඩුණු සතුන් නෙවෙයි.”
“ඔයා කොහොමද ඒ ගැන දන්නේ මෙයිසි?''
''ඒ අයගේ තියෙන අං සහ වරල් ගැන බැලුවම මට එහෙම හිතෙනවා. ඒවා හරියට වැඩිලා නෑ. ඒ කියන්නේ මේ ඉන්නේ ඩයිනෝසර් පැටව්.”
දැන් ඔවුන් එළිමහන් බිම කරා පිවිස සිටිති. විල අද්දරට වඩා වනාන්තරය තුළ සීතල වැඩිය. උස් ගස් නිසා හිරු එළිය කෙලින් ම පොළවට පතිත නොවේ.
''ඒ කියන්නේ මේ ඩයිනෝසර් පැටව් දෙන්නා තවත් ලොකු වෙනවද ?.”
වයලට් නැවත ඇසීය. හිස සොළවා ඔව් යැයි පැවසූ මෙයිසි මෙසේ පැවසීය
‘“ඔව්. ඒ වගේම මේ අයට ජීවත් වෙන්න මීට වඩා ලොකු පරිසරයකුත් ඕනෑ වෙනවා. කෑම, බීම වුණත් විශාල ප්රමාණයක් ඕනෑ.”
| Author | Sudath Rohan |
| Language | Sinhala |
| ISBN | 9786245865932 |
| pages | 216 |
There are no reviews yet