දිදුලන මනස

පරිවර්තන ජීවිතය, සාර්ථකත්වය, මනස

By Jayantha Ruberu

Published By Surasa Bookshop

දිදුලන මනස දිවංගත ඉන්දිය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් තුමන් විසින් විශේෂයෙන් ම තරුණ පරපුරේ අධ්‍යාත්ම හා පෞර්ෂ වර්ධනය අරමුණු කොට ගෙන රචිත “IGNITED MINDS” නමැති සාරවත් කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම කෘතියේ පරිවර්තක ජයරත්න රුබේරු මහතා හැට හැත්තෑව දශකවල සහ ඉන් පසුවත් බෙහෙවින් ජනප්‍රසාදය දිනා තිබූ “සෝවියට් දේශය ” සඟරාවේ සහකාර සංස්කාරවරයකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කොට අනතුරු ව එම සඟරාවේ ප්‍රධාන සංස්කාරක වශයෙන් ද, 70 දශකයේ ජාත්‍යන්තර දේශපාලනය පිලිබඳ විචාරශීලී සඟරාවක් වූ “ජගත් ” සඟරාවේ සහාය සංස්කාරක වශයෙන් ද දශක දෙකකට ආසන්න කාලයක් පුරා පරිවර්තන කලාවේ පළපුරුදුකම් හා අත්දැකීම් සම්භාරයක් ලබා සිටින මාධ්‍යවේදියකු වනවා පමණක් නොව පසුකාලීන ව අමාත්‍යාංශ ගණනාවක මාධ්‍ය ලේකම්වරයකු ද වශයෙන් රාජකාරිවල නිරත ව පොදු ජන හදගැස්ම හඳුනා ගත් ජනහිතකාමියකු ලෙස ද හඳුන්වා දීම යුක්ති යුක්ත ය. “දිදුලන මනස” පරිවර්තන කෘතිය මඟින් ජයරත්න රුබේරු මහතා සිංහල පාඨක සමාජය වෙත ඉදිරිපත් කර ඇති මෙම අපූර්වතම උපදේශාත්මක ග්‍රන්ථය විශේෂයෙන් ම ශ්‍රී ලාංකික තරුණ පරපුර විසින් වැළඳ ගනු ඇතැයි විශ්වාස කරන අතර ඉදිරියේදීත් මෙවන් ප්‍රායෝගික කෘති තව තවත් සිංහල පාඨක ජනතාව වෙත පිළිගැන්වීමට හේතු වාසනා ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

USD 2.32

Available

Product Details

  • 978-955-677-678-2
  • Sinhala
  • 174
  • 216g