පියසේන කහඳගමගේ මහතාගේ ධීවර භාෂාව ග්‍රන්ථය ඔහුගේ ශාස්ත්‍රීය සේවාවේ තව තවත් එක් පියවරක් ලෙස හැඳින්විය හැකිය.
පොත් හැටක් පමණ රචනා කර ඇති කහඳගමගේ මහතා කෙත පදනම් කොට ගෙන කමත, කුඹුර, කෙම්පහන් වැනි ශාස්ත්‍රීය පර්යේෂණ කිහිපයක් ම එළිදැක්විය. ජනවහර පදනම් කරගත් විශිෂ්ට ශාස්ත්‍රීය පර්යේෂණ කෘති කිහිපයක් ද ඔහු රචනා කළේය. ඒ අතර දිගාමඩුළු ජනවහර, දකුණු පළාතේ කතාබහ හා ප්‍රාදේශීය ව්‍යවහාර වැනි ග්රන්ථ වෙයි. ධීවර භාෂාව ද ජනවහර පදනම් කර ගත් ශාස්ත්‍රීය පර්යේෂණ ග්රන්ථ අතරෙහි ලා සැලකිය යුත්තකි.
ධීවර ජන ජීවිතය පිළිබිඹු කරමින් ධීවර වාග්කෝෂය පෙළගස්වා තිබීම මේ පිළිබඳ තොරතුරු සොයන ශාස්ත්රාභිලාෂීන්ට වැදගත් පිටුවහලක් වනු නො අනුමානය. මේ දක්වා ධීවර භාෂාවට අයත් වචන මෙතරම් ප්‍රමාණයක් ඒකරාශී කර ඇති එකම ග්‍රන්ථය ද මෙය ම වේ. ග්රන්ථයට ප්‍රවේශයක් වශයෙන් ධීවර භාෂාව සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය සන්ධ්‍යා කහඳගමගේ මහත්මිය විසින් කරන ලද විවරණයද ප්රශස්ත ශාස්ත්‍රීය සම්ප්රදානයක් වන්නේ ය.
මහාචාර්ය අඟුළුගල ධම්මින්ද හිමි
රුහුණු විශ්වවිද්‍යාලය Author | Piyasena Kahandagamage (පියසේන කහඳගමගේ) |
Language | Sinhala |
Pages* | 88 |