පළමු පිඬ
පුදයි
බුදු හිමිට
දෙවැනි පිඬ
බෙදයි
තම හිමිට
ඉන්පසුව
රවයි
දොඬයි
හඬයි
ආත්ම පරිත්‍යාගය වනාහි පෙරදිග කාන්තාවගේ විශිෂ්ට උරුමයකි. සිය හිමියන්ට ඈ සිත්හි ඇති භක්තිය හා ගෞරවය දෙවැනි වන්නේ බුදුහිමියන්ට පමණි. එහෙයිනි ඇය පළමු බත් පිඬ බුදු හිමියන්ටත්, දෙවැනි බත් පිඬ සැමියාටත් බෙදන්නේ. එසේ නම් ඇය ඉන්පසු රවන්නේ හඬන්නේ ඇයි? ආත්ම පරිත්‍යාගය යනු තමා ජීවත්වන සංස්කෘතියෙන් ඇයට පවරා දුන්නකි. එහෙත් ඇතැම් විට ඇයට කුසගින්නේ හිඳීමට සිදුවිය හැකි ය. නොඑසේ නම් සැමියාගේ නුගුණ සිහිපත් විය හැකි ය. එවිට ඇගේ ප්‍රකෘති ගති සොබා ඉස්මතු වේ. විමල් ඇම්. ගමගේ ලියූ "අසිරිමත් මැවුම" ඇතුළු බොහෝ කවි සංක්ෂිප්ත ගුණයෙන් මටසිලිටි වන්නා සේ ම ධ්වනිතාර්ථ නගන පරිදි වාක් ප්‍රයෝග යෙදීමට ද ඔහු සමත් වෙයි. එමෙන් ම පීඩිතයන්ගේ කඳුළ, සුසුම වෛරී ප්රකාශනයන් බවට පත් නොකර උත්ප්රාසාත්මක කාව්‍ය චින්තාවලියක් බවට පත් කිරීමට ඔහු සමත් වන බව පෙනෙයි.
| Author | Wimal M. Gamage |
| Language | Sinhala |
| ISBN | 9789553040114 |
| pages | 56 |
There are no reviews yet