ඈට සිය ජීවිතයේ කිසිම දාක මෙතරම් ආඩම්බරයක් හෝ සතුටක් දැනී නැත. ඇගේ අවාසනාව ආශ්චර්යවත් වාසනාවකට පෙරළී තිබිණි. ඈ ඇත්තෙන්ම ශිෂ්‍ය නායිකාවකි.
"මං අයෙමත් මෝඩ වැඩ කරයි. මං හිතන්නේ, දැන් මං මොනිටර් කෙනෙක් වුණත්," එලිසබෙත් සිතුවාය. "ඒත් කමක් නැහැ මට අවස්ථාවක් ලැබුණා. ලබන වාරෙ දි මං හැම දෙනාටම මොනව හරි දෙයක් කරලා පෙන්නනවා" ඈ එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
Author | Ganga Niroshini Suduwelikanda |
Language | Sinhala |
Pages* | 205 |