The Secret Of Terror Castle - Robert Arthur
"සුරු විරු මිතුරෝ" (Secret Seven / සුපිරි සත්පුරුෂයෝ ශෛලියේ ළමා අභිරහස් කතාමාලාව) පොත් පෙළෙහි පළමු ග්රන්ථයයි
අඳුරු මුල්ල පසුකොට තව ටිකක් ඉදිරියට ඇවිදගිය ඔවුන්ට දැන් විශාල පයිප් ඕගනය දැකගත හැකිය. අඛලන් ඕගනය අසල නිල් පැහැති මිහිදුමක් වැනි ඡායාවක් චලනය වෙමින් තිබේ. ජුපිටර් සහ පීට් මද වෙලාවක් නතර වී එදෙස විපරමින් බලා සිටියහ. ඒ අතර ජුපිටර් කැමරාව සූදානම් කරන ආකාරය ද පීට් ට පෙනිණි.
"අපි පුළුවන් තරම් අවතාරයට ළං වෙලා ෆොටෝ එකක් ගන්න ඕනෑ.”
ජුපිටර් එලෙස මිමිණුවේය. නිල් පැහැති ඡායාව දෙස බලා සිටින පීට් ගේ සිතට ටෙරිල් මහතා කෙරෙහි අදිසි අනුකම්පාවක් වැනි හැඟීමක් ඇති විය. අවුරුදු ගණනාවක් පුරා මේ පාළු මන්දිරයේ තනිව් මිනිසුන් බියට පත් කරමින් නිවහැනහිල්ලේ ජීවත් වූ ඔහු ට තවත් මොහොතකින් විශාල කම්පනයක් දැනෙන සිදුවීමක් සිදුවෙන බව පීට් දනියි.
| Author | Sudath Rohan |
| Language | Sinhala |
| ISBN | 9786244958123 |
| pages | 202 |
There are no reviews yet