මහාචාර්ය
මන්තෙයිපෙල් ඔහුගේ ශිෂ්යනට උගන්වන්නේ ප්‍රාණී විද්‍යාවත්, විද්‍යාත්මක ප්‍රතිපත්තිත්
පමණක් නොවේ. ඔහු සිය ශිෂ්‍යයන් තුළ දේශප්‍රේමීත්වයත් උට්ඨාන වීර්යයත් ජනිත කරැවුයේය;
නිවැරදි නිරීක්ෂණය මඟ ඔවුනට පාදා දුන්නේය; අන්‍යොන්‍ය සුහදතාවත්, උනන්දුවත් දුක්
පීඩාවලට මුහුණ දීමේ ශක්තියත් ඔවුන් තුළ ඇති කරැවුයේය. ඔහුගේ ශිෂ්‍යන් විසින් ලියන
ලද විද්‍යාත්මක ලේඛන, ලියුම් හා විදුලිය පුවත් දිනපතාම ඔහු වෙත ගලා ඒමේ පුදුමයෙක්
නැති මත්තෙයිපෙල් ගේ ජන්මෝත්සව දිනයේ දී මොස්කව් නගරයෙහි සිටීමේ වාසනාව ලබන ඔහුගේ
සියලු ම ශිෂ්‍යයෝ නොවරදවාම උත්සවයට සහභාගි
වෙති. කිට්ටුවෙන් ආශ්‍රය කරන ශිෂ්‍යන් හා වැඩිමහල්ම ශිෂ්‍යයන්ද විසින් පියෝනර්
මාමා යනුවෙන් හැඳින්වෙන, විරෝදාර හදකින් යුත් මේ වයෝවෘද්ධ විද්‍යාඥයා ස්වකීය
සිසුන් ඉදිරියෙහි අතිශය මිත්‍ර ලීලාවෙන් ප්‍රකාශ කරන සෑම උද්යෝගිමත් වචනයක් ම ඒ
ශිෂ්යනට මහඟු ආශිර්වාදයකි.
.
කතන්දර 43
| Language | Sinhala |
| Pages | 132 |
There are no reviews yet