''බෙලිගල රන් අසිපත'' ඓතිහාසික යොවුන් නවකතාව ඔස්සේ 2025 වර්ෂයේ රජත පුස්තක සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට පිවිසි ගුණසේකර අධිකාරි යනු නූතන සිංහල යොවුන් ප්‍රබන්ධ කරණයේ ස්වකීය සලකුණ සනිටුහන් කළ ලේඛකයෙකි. විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වශයෙන් දශක ගණනාවක් තිස්සේ යොවුන් මනෝ ස්වභාවය සහ ඔවුන්ගේ චර්යාත්මක රටා සමීපව ඇසුරු කරමින් ලැබූ ප්‍රායෝගික විදග්ධ අත්දැකීම් සමුදාය. ඔහුගේ නිර්මාණ කරණය සතු සජීවී ගුණයට මුලික පදනම වන්නට ඇත.
ඔහුගේ නවතම ප්‍රවේශය වන ''මඩෙන් උපන් කුමාරයා" යනු සාම්ප්‍රදායික ආඛ්‍යාත රටාවෙන් ඔබ්බට ගිය, නූතන සමාජ-ආර්ථික විෂමතාවල අභ්‍යන්තරය ස්පර්ශ කරන යොවුන් ප්රබන්ධයකි. ආර්ථික පරිහානිය. වැඩවසම් කුල පීඩනය සහ පර්යන්ත ගත සමාජීය කොන්කිරීම වැනි ව්‍යුහාත්මක අභියෝග, සංවේදී යොවුන් මනෝගතීන් කෙරෙහි ඇති කරන මනෝ සමාජීය බලපෑම කතුවරයා විසින් මෙහිදී විශ්ලේෂණාත්මක ලෙසත් ප්‍රශ්න කරනු ලබයි.
| Author | Gunasekara Gunasoma |
| Language | Sinhala |
| ISBN | 9786244958154 |
| pages | 202 |
There are no reviews yet