The Great Road - James D. Dilts
ලක්දිව ඓතිහසික රජ මාවත - මහානාම දුනුමාල
මෙම කෘතිය මගින් පුරාණ ලංකාවේ රාජධානි සම්බන්ධ කළ ප්රධාන මාර්ග පද්ධති, ඒවායේ ඓතිහසික වැදගත්කම සහ එම මාවත් ඔස්සේ සිදු වූ ඓතිහසික සිදුවීම් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කෙරේ.
අතීතයේ දී කොළඹ සිට සිතාවක හරහා මහනුවර දක්වා කෝට්ටේ, සිතාවක, හා සෙංකඩගල රජවරුන් හා රාජ්ය තාන්ත්රිකයන් මෙන් ම පහතරට බලය අල්ලා ගත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්රීසි ජාතිකයන් ගමන් කළ පැරණි මාර්ගයක් තිබිණි. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා කොළඹ සිට මහනුවර දක්වා අලුතින් මාර්ගයක් කපා අවසන් වන තුරු (ක්රි. ව. 1832 වනතුරු) ගමනාගමනය සඳහා භාවිතා කළේ මෙම ගමන් මාර්ගයයි. කොළඹ, කෑගල්ල සහ මහනුවර යන දිස්ත්රික්ක තුන ඔස්සේ මහනුවර බලා ගමන් කළ පැරණි නුවර මාර්ගයේ ඓතිහාසික මෙන් ම ජනප්රියතිම තොරතුරු මෙම ග්රන්ථයට අඩංගු ය.
රජමැති තානාපතිවරුන් සඳහා භාවිතා වූ බංගලා සහ මගින්ගේ අම්බලම, තානාපති චාරිකාවේ තුටු පඩුරු , තානාපති චාරිකාවේ උත්සව ශ්රීය ආදි පරිච්ඡේද සමඟ මග සලකුණු පෙදෙසින් පෙදෙසට බෙදා ඉදිරිපත් කෙරෙන පරිච්ඡේද ද ග්රන්ථයට අඩංගු ය.
රජ මාවත ඔස්සේ ගමන් කළ තානාපති චාරිකා ආදියේ තොරතුරු, ගමන් මග ගම් නියම්ගම් ආදියේ ගම්වලට නම සැදුණු ආකාරය, ගම් අරභයා කියැවුණු ජනකවි ආදි තොරතුරුවලින් සමන්විත මෙම කෘතිය පුරාණ මාර්ගයක් හා ඒ හා බැඳුණු සංස්කෘතිය මැනවින් විවරණය කරන්නකි
| Author | Mahanama Dunumala |
| Language | Sinhala |
| ISBN | 9786244958048 |
| pages | 225 |
There are no reviews yet