ජීවිතය හඳුනා ගන්නටත් පෙර ඔවුන්ට එකම පවුලක් ලෙසින් ජීවත් වීමේ වරම අහිමිව යයි. අම්මා තාත්තාගේ රැකවරණය දස හැවිරිදි කුඩා දැරියන් වෙතින් උදුරා ගැනේ. වැඩිමල් සොයුරියන් දෙදෙනාගේ ඇසුර සිහිනයක් බවට පත්වෙයි. මෙලොව තනිවී, වධ කඳවුරක කොටුවන දැරියන් දෙදෙනෙකුට යළි ජීවිතයක් කියා දෙයක් තිබේද? නිවුන්නු ලෙසින් ඉපදීම ශාපයක් ද? නැත්නම් ආශිර්වාදයක් ද?
කෙසේ හෝ සයදෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්භයෙන් ඊවා හා මීරියම් ජීවිත දානය ලබන්නේ නිවුන්නු වීම හේතුවෙනි. නට්සි කඳවුරක් තුළ විවිධ පර්යේෂණවලට ලක්වෙමින්, වධවේදනා විඳිමින් කල් ගෙවූවද, අඳුරු අගාධය අතරින් සිහින් ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති. ඉන්පසුව සුළුපටු නො වේ. පරාජිත බවින් පසු නොබැස, අධිෂ්ඨානය පෙරදැරිව ඊවා නම් දැරිය සිය නැඟණිය ද රැකගෙන දිගු ගමනක් යයි. ඊවාගේ කතාව, අවසානයේ දසක අටක් පුරා දිවෙන වීර චරිතාපදානයක් බවට පත්වෙයි.
ඇය, ඔවුන්ට වධහිංසා පැමිණ වූ නට්සින්ට ලෝකය හමුවේ සමාව ප්රදානය කරයි. ඊවා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වන්නේ එතැන් සිටය
“මිනිස් ජීව ගුණයේ බලය, සිත් සසල කරවයි; පුදුමය දනවයි.”
-ආච්බිෂොප් ඩෙස්මන්ඩ් ටුටූ
Language | Sinhala |
There are no reviews yet