මේ නිල ඇඳුම් අස්සේ ඇස් පියාගත්තෙම රට වෙනුවෙන් කප්පරක් දුක් උහුලපු මිනිස්සු....
සත්ය කතාවක් ඇසුරෙන් ,
තුවාලකරුවන්ගේ හැකිළුණු මුහුණු අතරින් වුවද අපේක්ෂා සහගත දැස් දිළිසෙමින් තිබිණ. ඔවුන් සෑම අයකුගේම අවධානය නිරන්තරව යොමු වී තිබුණේ අහස දෙසය. ක්රමයෙන් හෙලිකොප්ටරයක හඬ ඈතින් ඇසෙන්නට විය. එක එල්ලේ දර්ශනය නොවුවද එය M1 -17 වර්ගයේ යානාවක් බැව් හඳුනා ගන්නට එහි සිටි කිසිවකුටත් අපහසු නොවීය. එහිදී තුවාල කරුවන් අතර යම් පමණකට හෝ හිස ඔසවා බලන්නට හැකි අසවන් සූදානම් ඉරියව්වකට පැමිණීමට යුහුසුළු වනු පෙනිණ. එසේම සිහිසුන් තරමට බරපතල තත්ත්වයේ පසු වූවන් පවා හෙලිකොප්ටරයේ හඬ ඇසෙත්ම ඇසිපිය මදක් විවර කොට ජිවත් වීම උදෙසා වන සිය බලවත් උවමනාවේ තරම් පෙන්වන්නට වූහ.
හෙලිකොප්ටරය තුළ ඔක්සිජන් හා රුධිරය ලබා දෙමින් සිටි තුවාලකරුගේ තත්ත්වය තවදුරටත් අවදානම් වන්නට විය. සිය පපු ප්රදේශයට වෙඩි පහරවල් දෙකක් එල්ල වී තිබූ හෙයින් ඔහු මුල සිටම හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුනේය.
වෛද්ය සහායකයා ඒ අසලින්ම රැඳෙමින් ඔහු වෙනුවෙන් සියලු වර යොදන්නට වූයේ තවත් කළ හැකි යමක් ඉතුරුව තිබේදැයි නිරතුරු විමසිළිමත් වෙමිනි. සිය ජීවිතය ජීවත් කරවීම උදෙසා හෙලිකොප්ටරය තුළ සෙසු අය දරන වෙහෙස තුවාලකරුටද දැනී තිබූ සෙයකි. එනිසාම සියලු අපහසුතා හමුවේ වුව අවසන් හුස්ම පොද ඉතිරි කරගන්නට ඔහුද අසීමිතව වෑයම් කරනු පෙනිණ.
| Author | Sujith Chaminda Edirisinghe |
| Language | Sinhala |
| ISBN | 9789559719168 |
| pages | 237 |
There are no reviews yet