“අද ගඟ හරි සැරයි. පාලම් දෙකේම මිනිස්සු පිරිලා. මම ගඟෙන් එතෙර වුණේ බෝට්ටුවෙන්.
ගඟෙන් එතෙර වෙද්දී මට මෙහෙම දෙයක් හිතුණා.
කලින් හැදිලා තිබුණු පාරක් ඔස්සේ ගඟක් ගලා යනවද? එහෙම නැත්නම් ඒ පාර හැදෙන්නේ ගඟ ගලා යනකොටද?
ටිකක් කල්පනා කරලා බැලුවම ඔය දෙකම හරි නේද?
ඉරණම සහ ජීවිතය අතර තියෙන්නෙත් ඒ විදියේ සම්බන්ධයක්.
ඉරණමේ තීන්දු වෙලා තියෙන විදියට ජීවිතය ගලා යනවා.
ජීවිතය ගලා යන විදියට ඉරණම තීන්දු වෙනවා.
ඉතින් ඔබේ ජීවිතය හොඳින් ගලා යනවා ඇති කියලා හිතනවා. “
| Author | Rasika Jayakody |
| Language | Sinhala |
| 9789557339139 | 9786245737697 |
| pages | 136 |
There are no reviews yet